ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද ට්‍රම්ප් අත්හිටුවයි.

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද ට්‍රම්ප් අත්හිටුවයි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් රැසකට ප්‍රකාශයට පත්කරනු ලැබූ තීරු බදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇතැයි වාර්තා වේ. 

කෙසේ නමුත් චීනයට එරෙහි තීරු බද්ද 125%ක් දක්වා ඉහළ නංවා තිබේ.

ඊයේ  (9) සිට ක්‍රියාත්මක වන පරිදි චීන ආනයන සඳහා ඇමෙරිකාව 104%ක තීරු බද්දක් පනවා තිබුණි.

ඊට ප්‍රතිචාර ලෙස චීන මුදල් අමාත්‍යාංශය අද පස්වරුවේ නිවේදනය කළේ ඇමෙරිකානු ආනයන සඳහා 84%ක තීරු බද්දක් පනවන බවයි.

ඒ අනුව චීනයේ එම තීරණයට පිළිතුරු ලෙස ඇමෙරිකාව යළිත් වරක් මෙලෙස තීරු බදු ප්‍රතිශතය ඉහළ දමා ඇතැයි වාර්තා වේ.  

 

Don't forget to share this post!

Recent Posts

Cricket-Olympics-1024x683
April 11, 2025