ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුමට අත්සන් තැබීමට සැරසෙයි.

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුමට අත්සන් තැබීමට සැරසෙයි.

ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්වය පිළිබඳ අන්තර් රාජ්‍ය සමුළුව විසින් ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුම 2023-06-19 දින සම්මත කරන ලදී.එම ගිවිසුම සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCLOS) යටතේ ක්‍රියාත්මක වන තුන්වන ගිවිසුම යි.

සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය වඩා හොඳින් ක්‍රියාත්මක කිරීම, විවිධ පාර්ශ්වකරුවන්ගේ පුළුල් සහයෝගීතාව සහ සම්බන්ධීකරණය තුළින් විශාල භූගෝලීය ප්‍රදේශ ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම යන කරුණු පදනම් කර ගනිමින් එකී ගිවිසුමට එළඹීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.ඒ අනුව, ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුම අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ

Don't forget to share this post!

Recent Posts

coffee-cafe-1200x628-facebook-1200x628
January 10, 2025