ශ්‍රී ලංකාව වාහන ආනයනය කිරීමට සැරසෙයි.

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාව වාහන ආනයනය කිරීමට සැරසෙයි.

ඉදිරියේදී ශ්‍රී ලංකාවට වාහන ආනයනය සිදුකරන ආකාරය පිළිබඳව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් අද (26) ප්‍රකාශයක් නිකුත් කළේය.අද (26) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ පිළිබදව නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කලේය.කාණ්ඩ කිහිපයක් යටතේ අවසර ලබාදෙන බවත්,එහිදී වාණිජ මට්ටමේ තිබෙන වාහන සදහා විශේෂයෙන් අවසර ලබාදෙන බවත් එතුමා පැවසුවේය.සීමාවන්ට යටත් වෙමින්, ප්‍රමුඛතාවලට මූලිකත්වය ලබා දී වාහන ආනයනයට පළවෙනි අදියරේ දී අවස්ථාව ලබා දෙන බවත් පවසා ඇත.අවස්ථා තුනකදී මෙම අවස්ථාවන් ටික ලැබෙන බවත් ස්ථායිකරණ වැඩසටහනට අනුගාමිව මෙය සිදු කළ යුතු බවත්, ක්‍රමිකව අවශ්‍ය පරිදි වෙළෙඳපොළ යාන්ත්‍රණයට ක්‍රියාත්මක වීමට ඉඩහරින බවත් එතුමා වැඩිදුරටත් පැවසුවේය.

Don't forget to share this post!

Recent Posts

https___vms-network-images-prod.s3-ap-southeast-2.amazonaws.com_2025_03_682061_pickerimage
March 25, 2025