ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (05) වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතව පවතී.
මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 233කින් පරාජයට පත්වූ අතර තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමටනම් මෙම තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ යුතුව තිබේ.
මේ වන විට ලෝක ශුරතා ටෙස්ට් තරගාවලියේ ලකුණු සටහනේ දෙවන ස්ථානයේ දකුණු අප්‍රිකාව රැඳී සිටින අතර ශ්‍රී ලංකාව රැදි සිටින්නේ සිව්වන ස්ථානයේයි.
එම ලකුණු සටහනේ පළමු සහ දෙවන ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව පවතී.
මේ වන විට ලෝක ටෙස්ට් ශුරතා තරගාවලියේ ලකුණු සටහනේ ඉන්දියාව පෙරමුණේ පසුවේ.
එමෙන්ම ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහ තරගය පිළිබදව බලාපොරොත්තු තබා ගැනීමටනම් කණ්ඩායම් දෙකටම මෙම තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත් වේ.