අවුරුදු 50න් ඉහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (IMC OVER-50s WORLD CUP 2025) අවසන් පූර්ව තරග අද (20) පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතය. එහිදී, ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා පිල වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේදී ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගත් ඔස්ට්‍රේලියාව සමඟ තරග වදින අතර, ‘ඒ’ කාණ්ඩයේ පළමු වැනියා වු එංගලන්තය සමඟ ‘බී’ කාණ්ඩයේ දෙවැනියා වූ පාකිස්තානය එන්සීසී ක්‍රීඩාංගණයේදී දෙවැනි තරගයට එක් වීමට නියමිතය.
මේ තරග ද්විත්වයේ ජයග්‍රාහකයන් එක්වන තරගාවලියේ අවසන් මහා තරගය ලබන ඉරිදා (23) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.