ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා තරඟයේ වෙනසක්

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා තරඟයේ වෙනසක්

සංචාරක ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර හම්බන්තොට ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත වූ එක්දින ජාත්‍යන්තර තරගය වෙනුවට එක්දින තරග දෙකක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය කළ ඉල්ලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟතාව පළ කර ඇත.

ඒ අනුව එම එක්දින තරග දෙක ලබන පෙබරවාරි මස 13 වැනිදා හා 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා කාලයේ තරග ලෙස පැවැත්වීමට කටයුතු සංවිධානය වේ. ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරග දෙකකට හා එක්දින තරග දෙකකට ඕස්ට්‍රේලියානු පිල මේ මස 20 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත. 

දෙරට අතර ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, පළමු ටෙස්ට් තරගය මේ මස 29 සිට පෙබරවාරි 2 දක්වා හා 2 වැනි ටෙස්ට් තරගය පෙබරවාරි 6 සිට 10 දක්වා පැවැත්වේ.

Don't forget to share this post!

Recent Posts

japan_12_02_2025-1170x658
February 12, 2025