ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනස් කරන ලංකා T10 සුපර් ලීගය පල්ලෙකැලේදී

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනස් කරන ලංකා T10 සුපර් ලීගය පල්ලෙකැලේදී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට පැවැත්වීමට කටයුතු යොදා තිබෙන ‘ලංකා T10 සුපර් ලීග්’ තරගාවලියේ සියලුම තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පවත්වන බව ක්‍රිකට් ආයතනය ඊයේ (6) නිවේදනය කරන ලදී.දෙස් විදෙස් සුපිරි ක්‍රිකට් තරු රැසක් එක්වන මෙය දෙසැම්බර් 12 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

Colombo Strikers

Galle Marvels

Jaffna Titans

Kandy Bolts

Hambantota Bangla Tigers

Negombo Braves

 

යන කණ්ඩායම් මෙහිදී තරග වදියි.තරගාවලියේ ක්‍රීඩකයින් තෝරා ගැනීම එළැඹෙන 10 වනදා කොළඹදී සිදු කිරීමට නියමිතව ඇති අතර සෑම කණ්ඩායමකටම උපරිම වශයෙන් ක්‍රීඩකයින් 17 දෙනෙකු ද සිටිය යුතු අතර, සෑම සංචිතයකම අවම වශයෙන් 15 දෙනෙකු සිටිය යුතුව ඇත.එමෙන්ම සෑම සංචිතයකම ජාත්‍යන්තර ක්‍රීඩකයින් හත් දෙනෙකු සිටිය යුතු බවද ක්‍රිකට් ආයතනය සිය නිවේදනයේ වැඩිදුරටත් දන්වා සිටියි. 

 

Don't forget to share this post!

Recent Posts

https___vms-network-images-prod.s3-ap-southeast-2.amazonaws.com_2025_03_682061_pickerimage
March 25, 2025