ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (06) පවත්වා තිබේ. IMF සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ. මේ වැඩසටහනින් ශ්‍රී ලංකාවට ලැබෙන ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය පහසුකම් යටතේ තුන්වන සමාලෝචනයෙන් පසුව කාර්යමණ්ඩල එකඟතාවට වත්මන් රජය මේ වන විටත් පැමිණ තිබේ.
මේ සමාලෝචනයේ කරුණු මෙම මස අග වන විට ජාත්‍යන්තර අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර ඊට අදාළව ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවට විස්තීර්ණ ණය මුදලේ සිව්වැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක මුදලක් මුදා හැරීමට නියමිත බව සඳහන් ය.මෙම අවස්ථාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන්, මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.