ශ්‍රී ලංකා ජනපති අනුර කුමාර දිසානායක මහතා අද (10) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන්ගේ පූර්ව ආරාධනයකට අනුව අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයේ නිරතවීමට නියමිත බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් සඳහන් කර තිබේ.
මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොඩ් බින් සයිඩ් අල් නහියන් සහ එරට උප ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා වන ශෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් හමුවීමට ද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබේ.එමෙන්ම, මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට නියමිත අතර එම සමුළුව ඇමතීමට ද නියමිතය. එමෙන්ම, ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අවශ්‍ය වන මාර්ගෝපදේශනයන් ලෝකයේ ඉහළ පෙළේ සමාගම් වල නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට සූදානමින් ඇති බව සඳහන්ය.