ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා කලීල් යන මහතා අතර හමුවක් ඊයේ (20) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයා ජනාධිපති මාධ්‍ය අංශයට පවසා ඇත්තේ, රට තුළ ඇති වූ ආර්ථික පසුබෑමෙන් අනතුරුව ශක්තිමත්ව රටක් වශයෙන් නැඟී සිටීම පිළිබඳව මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයා පුදුමයට පත්වූ බවයි. එමෙන්ම, ආර්ථික අර්බුදයෙන් මාලදිවයින ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවෙන් පාඩම් පවා ඉගෙන ගනිමින් සිටින බවත් මෙහිදී පෙන්වා දී ඇත.
මේ අතර රාජ්‍ය නිල සංචාරයක් සඳහා මාලදිවයින වෙත පැමිණෙන ලෙසද කලීල් අමාත්‍යවරයා ජනාධිපතිවරයාට ආරාධනා කර තිබෙන අතර දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට මාලදිවයින දක්වන සුවිශේෂී දායකත්වය පිළිබඳ ජනාධිපතිවරයාද සිය ප්‍රශංසාව ප්‍රකාශ කර ඇත.
මෙම අවස්ථාවට මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ්, විදේශ ලේකම් ෆාතිමත් ඉනායා, අමිනාත් අබ්දුල්ලා ඩිඩී යන මහත්ම මහත්මීහු එක්ව ඇති බව වාර්තා වේ.