ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි.

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි.

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) ලෝක රාජ්‍ය  සමුළුව ඇමතීමට නියමිතව ඇති බව සඳහන් ය.  2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපතිවරයා ඊයේ (11) දිනයේදී එම සමුළුවට සමගාමීව රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු හමු වී සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් මහතා අතර හමුවක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ආණ්ඩුව ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙහිදී පාකිස්තාන අගමැති ෂබාස් ෂරීෆ් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබපැතුම් එක් කර ඇති බවත් සඳහන් ය.මේ අතර බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වන ටෝනි බ්ලෙයාර් සහ  ඩව් ජෝන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා වන අල්මාර් ලැටූර් මහතා සමග ද  අනුර කුමාර දිසානායක මහතා  හමුවීම් පවත්වා ඇති බව ද වාර්තා වේ. 

Don't forget to share this post!

Recent Posts

8218D76D-5331-46CB-91A0-F8FFE9140F28
March 27, 2025