ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හිදී ඊයේ (27) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.තරගය නතර කරන විට පළමුව පන්දුව පහර දෙමින් සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 20.4ක් ක්‍රීඩාකර කඩුලු 4ක් දැවී ලකුණු 80ක් රැස්කරගෙන සිටියේය.කඩුල්ලේ රැඳී සිටින නායක ටෙම්බා බවුමා ලකුණු 28ක් හා කයිල් විරෙයින් ලකුණු 9ක් රැස්කරගෙන සිටියි.දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 14ක තුළ දවාගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට හැකිවූහ.එහිදී පළමු කඩුල්ල ලෙස ඒඩියන් මාක්‍රම් ලකුණු 9කට දවාගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වූ අතර, අනෙක් කඩුල්ල වූ ටෝනි ද සෝර්සි ලකුණු 4කට දවාගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් විය.එමෙන්ම ලහිරු කුමාර විසින් තවත් කඩුලු දෙකක් බිද දැමීමට සමත් විය. ලහිරු කුමාර විසින් ලකුණු 16ක් රැස්කරගෙන සිටි ට්‍රිස්ටන් ස්ටබ්ස්ගේ කඩුල්ලද, ලකුණු 4ක් රැස්කරගෙන සිටි ඩේවිඩ් බෙඩිංහැම්ගේ කඩුල්ල ද දවාගත්තේය.දකුණු අප්‍රිකාවේ වේලාවෙන් පෙරවරු 11.25ට පමණ පිටියට වර්ෂාව පතිතවීම හේතුවෙන් තරගය නතර කළ අතර, ඒ සමඟ දිවා විවේකය ගැනීමට ක්‍රීඩකයෝ කටයුතු කළහ. අනතුරුව විටින් විට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් තරගය යළි ආරම්භ කිරීමට නොහැකි වූ අතර, පස්වරු 3.00ට පමණ පළමු දිනයට තරගය නතර කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.