ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (13) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. 2018 වසරෙන් පසු දඹුලු ක්‍රීඩාංගණයේදී එක්දින තරගයක් පවත්වා නැති හෙයින් වසර 6කට පසු දිවා – රාත්‍රී එක්දින තරගාවලියක් දැක බලා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ නරඹන්නන්ට හිමිව ඇත.ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර නිමාවූ විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයකට පත්වීම නිසා දෙපිලම මේ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය අපෙක්ෂාවෙන් පසු වෙති.දඟ පන්දු යවන වනිඳු හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ අද තරගයට එක්වන අතර, ආරම්භක පිතිකරුවන් ලෙස අවිශ්ක ප්‍රනාන්දු හා පැතුම් නිස්සංක පිටියට පිවිසීමට නියමිතය. ශ්‍රී ලංකාව මේ එක්දින ක්‍රිකට් තරගාවලියට පිවිසෙන්නේ වඩාත් ශක්තිමත් වාර්තා සමඟිනි. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තත්ත්වය ඔවුන් හොඳින් හඳුනන අතර එමඟින් ඔවුන්ට වාසිදායක තත්ත්වයක් උදාකර ගත හැක. ශ්‍රී ලංකා පිල සහභාගිවූ අවසන් එක්දින තරග 12කදී ජයග්‍රහණ 10ක් ලබා ඇති හෙයින් ජයග්‍රාහී මනසකින් ඔවුන් අද තරග බිමට පැමිණීමට නියමිතය.ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර මෙතෙක් පැවති එක්දින තරගවලදී 2012න් පසු ශ්‍රී ලංකාව එක්දින තරගාවලියක් වසර 12කින් පසුව ජයග්‍රහණය කර නොමැති අතර,මේ වනවිට තරග 102ක් දෙරට අතර පවත්වා එයින් 52ක් නවසීලන්තය හා 41ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති අතර, විසඳුමක් නැති තරග 8ක් හා ලකුණු සමවූ තරගයක් පිළිබදව වාර්තාවල සඳහන්ව තිබේ.