ශ්‍රී ලංකා 10වන පාර්ලිමේන්තුවේ නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දෙයි.

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකා 10වන පාර්ලිමේන්තුවේ නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දෙයි.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) දිවුරුම් දීමට නියමිතව තිබේ.අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.කැබිනට් අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් ද මෙහිදී දිවුරුම් දීම සිදුවන බව සඳහන් ය.නව රජයේ අමාත්‍ය මණ්ඩලය සංඛ්‍යාව උපරිමය 25කට සීමාවනු ඇත.එමෙන්ම අග්‍රාමාත්‍ය ධුරයේ ද වෙනසක් සිදුනොකිරීමට ද ජාතික ජන බලවේගය පක්ෂය තීරණය කර තිබේ.ඒ අනුව ආචාර්ය හරිනි අමරසූරිය නව රජයේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරනු ඇති බව වාර්තා වේ.

Don't forget to share this post!

Recent Posts

360_F_4477758_SbNIdErE2ZEVUtwNUv3XSJkhCu9B0R0I
April 23, 2025