ශීත ඍතුව නිසා රුසියාවෙනුත් සංචාරකයින් ශ්‍රී ලංකාවට

  • Home
  • /
  • News
  • /
  • ශීත ඍතුව නිසා රුසියාවෙනුත් සංචාරකයින් ශ්‍රී ලංකාවට

ලොව පුරා එළඹ තිබෙන ශීත ඍතුව වෙනුවෙන්, රුසියාවේ සිට අසූර් එයාර් ගුවන් සේවයේ (Azur Air) පළමු මංගල ගුවන් යානය (Inaugural Flight) එරට සංචාරකයන් පිරිසක් රැගෙන ඊයේ (06) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත ලගා විය.

ZF 1611 දරන මෙම ගුවන් යානය අද උදෑසන 10.05 ට රුසියාවේ වෙනිකොව් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත මෙලෙස පැමිණ තිබුණ අතර එය පිළිගැනීම සදහා ජල ආචාර (Water Salute) පැවැත්වීමට කටුනායක ගුවන් බලධාරීන් පියවර ගෙන තිබුණි.

ශීත ඍතුවේ මෙම පළමු මංගල ගුවන් ගමන සඳහා අසූර් එයාර් ගුවන් සේවය විසින් Boeing 767 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර, එහි ගුවන් මගීන් 332 ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් 10 දෙනෙකු ද පැමිණ සිටියහ.

මෙලෙස පැමිණි රුසියානු සංචාරකයින් පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ සෂිකා ඉමාලි , කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ගුවන් තොටුපොළ කළමනාකරු වාසනා කුමාරි, අසූර් එයාර් ගුවන් සේවයේ ශ්‍රී ලංකා කළමනාකරු මොරිස් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

ඊයේ(06) සිට සෑම සතියකම  අසූර් එයාර් ගුවන් සේවය රුසියාවේ ප්‍රධාන නගර 05 ක සිට එනම් වෙනිකොව් (Vnukovo), සෙන්ට් පීටර්ස්බර්ග් (St: Petersburg), ක්‍රොසනොස්කො (Krasnik), සෝච් (Sochi) සහ නොවිසිබිස්ක් (Novosibirsk) යන නගර වල සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත බව අසූර් එයාර් ගුවන් සේවයේ ශ්‍රී ලංකාවේ කළමනාකරු මොරිස් ද සිල්වා මහතා පවසයි.

එසේම මෙම අසූර් එයාර් ගුවන් යානාවලට රුසියාවේ එම ගමනාන්ත වෙත ළගා වීමට පැය 09.00 ක කාලයක් ගත වන අතර මෙම ගුවන් යානා එළඹෙන 2025 වසරේ අප්‍රේල් මස 30 වන දා තෙක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව ඇත.

Don't forget to share this post!

Recent Posts

https___vms-network-images-prod.s3-ap-southeast-2.amazonaws.com_2025_03_682061_pickerimage
March 25, 2025