යුක්රේනය සහ රුසියාවේ යුද ගැටුමට විසඳුම් සෙවීම සඳහා අමෙරිකාව විසින් ඉදිරිපත් කරනු ලැබූ සටන් විරාම යෝජනාවට යුක්රේනය එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ. අමෙරිකානු සහ යුක්රේන නියෝජිතයන් අතර (11) සවුදි අරාබියේ ජෙඩා නුවර පැවැති සාකච්ඡාවකින් පසු දින 30ක සටන් විරාමයකට යුක්රේනය සහාය පළ කළ බවට දෙපාර්ශ්වය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. සටන් විරාම යෝජනාවට එකඟවීම නිසා නැවත යුක්රේනයට හමුදා සහ බුද්ධි සහාය ලබාදීමට ඇමෙරිකාව කැමැත්ත පළ කළ බව ද වාර්තා වේ. එමෙන්ම ඉතා ඉක්මනින් යුක්රේන සහ ඇමරිකා ඛනිජ සම්පත් ගිවිසුම ක්‍රියාත්මක කිරිමට ද දෙපාර්ශ්වය අතර එකඟතාව පළවූ බව ද වාර්තා වේ.
මෙම එකගතාවය සම්බන්ධව සාකච්ඡා කිරීමට මේ සති අන්තයේදි ඇමෙරිකානු නියෝජිතයන් පිරිසක් රුසියාව බලා යෑමට සූදානම් වන අතර, ඉදිරියේදී රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සමඟ සාකච්ඡා කිරිමට අපේක්ෂා කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.