ස්වීඩනයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 ක් මරණයට

  • Home
  • /
  • News
  • /
  • ස්වීඩනයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 ක් මරණයට

ස්වීඩනයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.ස්ටොක්හෝම් අගනුවරට බටහිරින් පිහිටි ඔරෙබ්‍රෝ රිස්බර්ග්ස්කාහි උසස් අධ්‍යාපන ආයතනයක මෙම වෙඩිතැබීම සිදුව ඇති බව සඳහන්ය.වෙඩි වැඳීමෙන් තුවාල ලැබූ බොහෝ පිරිසක් රෝහල් ගත කර ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ.එරට අග්‍රාමාත්‍ය උල්ෆ් ක්‍රිස්ටර්සන් පවසා ඇත්තේ ස්වීඩන් ඉතිහාසයේ දරුණුතම සමූහ වෙඩි තැබීම මෙය ලෙස හැඳින් වියහැකි බවය.මියගිය පිරිස අතර වෙඩික්කරුද සිටින බව සඳහන්ය.අදාළ සැකකරු මෙම වෙඩි තැබීම සඳහා කුමන වර්ගයේ ගිනිඅවියක් භාවිත කළේද යන්න සහ වෙඩි තැබීම සිදුකළ ආකාර සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී නොමැති බව විදෙස් වාර්තා සඳහන් කරයි. 

Don't forget to share this post!

Recent Posts

japan_12_02_2025-1170x658
February 12, 2025