සැත්කමකින් පසු මියගිය දරුවා සම්බන්ධව ඕස්ට්‍රේලියාවේ සිට සාක්ෂි දුන් වෛද්‍යවරයා

  • Home
  • /
  • News
  • /
  • සැත්කමකින් පසු මියගිය දරුවා සම්බන්ධව ඕස්ට්‍රේලියාවේ සිට සාක්ෂි දුන් වෛද්‍යවරයා

වකුගඩු රෝගි තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය තෙහැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබේ. වම් වකුගඩුවේ ඇති වූ රෝගි තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඔහු රෝහල්ගත කර ඇති බවත්, එහිදී සිදු කළ ශල්‍යකර්මයකදී දරුවාගේ සාමාන්‍ය තත්ත්වයේ තිබූ දකුණු වකුගඩුවටද හානි වීමෙන් මේ මරණය සිදුව ඇති බවත් පවසමින් මියගිය දරුවාගේ මවුපියන් බොරැල්ල පොලීසියට කළ පැමිණිල්ලක් අනුව මේ විමර්ශන ආරම්භ කෙරිණි.

දරුවාගේ ශල්‍යකර්මය සිදු කළ බව කියන, මේ වන විට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින විශේෂඥ වෛද්‍ය නවීන් විජේකෝන් මහතාගේ සාක්ෂිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඊයේ (28) කැඳවනු ලැබිණි.මෙහිදී සැකකාර වෛද්‍යවරයා විසින් ඔස්ට්‍රේලියාවේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ පැයකට අධික කාලයක් පුරා දෙනු ලැබූ ප්‍රකාශය ඔස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් කාර්යාලය මඟින් සහතික කර ගෙන්වා ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටි අතර, අගතියට පත් දරුවාගේ මවුපියන් වෙනුවෙන් නීතිඥ වයි.එල්.එම්. යූසුෆ් මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් අධිකරණයේ පෙනී සිටිමින් සැකකාර වෛද්‍යෙවරයාගෙන් හරස් ප්‍රශ්න විමසීය.කොටහේන ප්‍රදේශයේ පදිංචි අම්දි පස්ලිම් නමැති තෙහැවිරිදි කුඩා පිරිමි දරුවකු මියයෑමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ (28) අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණ දැක්වූහ. මේ සිද්ධිය සම්බන්යෙන් නියෝගයක් ලබන 2025 වසරේ පෙබරවාරි 11 දින දෙන බවද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය. පසුව පැමිණිල්ලේ ඉල්ලීම මත එම සිද්ධියේ ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශය වෙත භාර කර ඊට අදාළ විමර්ශන සිදු කර තිබිණි.

Don't forget to share this post!

Recent Posts

Emirates-retail
December 12, 2024