සිව්දින සහ එක්දින තරගාවලියකට ශ්‍රී ලංකා A කණ්ඩායම පාකිස්තානයට

  • Home
  • /
  • Sports
  • /
  • සිව්දින සහ එක්දින තරගාවලියකට ශ්‍රී ලංකා A කණ්ඩායම පාකිස්තානයට

සිව්දින හා එක්දින තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ‘A’ කණ්ඩායම ඊයේ (7) පස්වරුවේ දී පාකිස්තානය බලා පිටත්ව ගියේය.ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සිව්දින තරග 2ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතව ඇත.එහිදී පළමුව සිව්දින තරගාවලිය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් එක්දින හා සිව්දින තරගාවලි සඳහා සංචිත දෙකක් නම් කිරීම සිදුකර ඇත. ඉන් සිව්දින කණ්ඩායම පසිඳු සූරියබණ්ඩාර විසින්ද, එක්දින කණ්ඩායම නුවනිඳු ප්‍රනාන්දු විසින්ද මෙහෙයවනු ලබයි.දෙරට අතර පළමු සිව්දින තරගය එළැඹෙන 11වැනිදා ආරම්භ වීමට කටයුතු යොදා ඇත.

Don't forget to share this post!

Recent Posts

https___vms-network-images-prod.s3-ap-southeast-2.amazonaws.com_2025_03_682061_pickerimage
March 25, 2025