බටහිර ගීත ක්ෂේත්‍රයේ සුපිරි තරුවක් වන අමෙරිකාවේ ටේලර් ස්විෆ්ට් ලොව ධනවත්ම ගායිකාවගේ වාර්තාවට හිමිකම් කියන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ෆෝබ්ස් ව්‍යාපාරික සඟරාව පවසන ආකාරයට මේ වනවිට ඇයගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 1.6 කට ආසන්නයි. ස්විෆ්ට් ගේ වත්කම් මෑත කාලයේ වේගයෙන් වර්ධනය වන්නට හේතු වුණේ ඇයගේ Eras Tour සංගීත ප්‍රසංග මාලාවේ සාර්ථකත්වයයි. වසර 2023 මාර්තුවේදී ආරම්භ වූ ඇගේ ‘දි ඒරස් ටුවර්‘ ජාත්‍යන්තර සංගීත චාරිකාව පසුගිය වසරේ දෙසැම්බරයේදී අවසන් වන විට ගීත ගායනයෙන් පමණක් ඩොලර් බිලියනයක් උපයා ගනිමින් එම වාර්තාව අත්කර ගැනීමට ඇය සමත්ව තිබේ. එය ඩොලර් බිලියනයක් උපයා ගත් ලොව පළමු සංගීත චාරිකාව ලෙසත් වාර්තා පොතට එක්වී තිබේ.
”දි ඒරස් ටුවර්” සංගීත චාරිකාව ආරම්භ වන විට ඩොලර් මිලියන 600කට හිමිකම් කී 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට්ගේ වත්කම මේ වනවිට ඩොලර් බිලියන 1.6 දක්වා ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඩොලර් බිලියන 1.4ක වත්කමකට හිමිකම් කියන රිහානා ලොව ධනවත්ම ගායිකාවන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන බව වාර්තා වේ.
34 වැනි වියෙහි පසුවන ටේලර් ස්විෆ්ට්ට පසුගිය කාලයේ ආදායම් ගෙනා Eras Tour සංගීත ප්‍රසංග මාලාව ආරම්භ වූයේ පසුගිය වසරේ මාර්තු 17 වැනි දින යි. උතුරු අෙමරිකාව, දකුණු අෙමරිකාව, ආසියාව, යුරෝපය, ඕස්ට්‍රේලියාව යන කලාපවල ප්‍රසංග 150 කට ආසන්න සංඛ්‍යාවක් මෙම ප්‍රසංග මාලාවට ඇතුළත්. Eras Tour ප්‍රසංග මාලාව අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන දෙසැම්බර් මාසයේ යි. ඇය මේ වනවිට මෙම ප්‍රසංගවලින් උපයා තිබූ ආදායම ඇ.ඩොලර් බිලියන 1.9 ක් බව වාර්තා වේ.