හැත්තෑ හත් වසරක නිදහසක් අභිමානයෙන් සමරන ශ්‍රී ලාංකිකයන්

  • Home
  • /
  • Blog
  • /
  • හැත්තෑ හත් වසරක නිදහසක් අභිමානයෙන් සමරන ශ්‍රී ලාංකිකයන්

“ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” තේමාව පෙරදැරි කරගෙන 77 වන ශ්‍රී ලාංකීය ජාතික නිදහස් දිනය අදට යෙදී තිබේ. ශ්‍රී ලාංකිකයින් ලෙස සැබෑ නිදහසක් ජාති, ආගම්, කුල මල භේදයකින් තොරව නිදහසේ හුස්ම ගන්න පුළුවන් දේශයක් නිර්මාණය  වීම නිසාම ශ්‍රී ලාංකිකයින්ට මේ දිනය සුවිශේෂීය.

සියවස් ගණනාවක් මුළුල්ලේ බටහිර ජාතීන්ගේ පාලනයට යටත්ව තිබූ ශ්‍රී ලංකාවට නිදහස හිමි වී මේ වසරට වසර හැත්ත හතක් ගොස් හමාරය.  තමන්ට උරුම නිදහස වෙනුවෙන් බටහිර ජාතීන් සමග ගැටෙමින්, දිවි පුදමින් ලේ වගුරුවමින් කෑ මොර දුන් අතීත ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ කැපවීම, බලාපොරොත්තු මේ පිටුපස තිබෙන බව නොවනුමානය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම නිදහස් දින සැමරුම 1948 පෙබරවාරි 4 වන දා ස්වාධීන ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු සභා වාරය කොළඹ නිදහස් චතුරස්‍රය ආසන්නයේ තාවකාලිකව ඉදිකළ ශාලාවකදී පැවැත්විනි.  ලංකාව ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ මේ ඓතිහාසික දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කරන ලදී. ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් හෙන්රි මේසර් මුවර්ගේ සහභාගීත්වයෙන් උත්සවය ආරම්භ විය. ප්‍රථම නිදහස් සැමරු  දින නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැතිවරයා ලෙස තේරී පත් වූ ඩී.එස්.සේනානායක මහතා ගුවන් විදුලිය ඔස්සේ ලංකාව අමතන ලදී. එහිදී ඔහු ඉදිරිපත් කළ ප්‍රමුඛ අදහසක් වූයේ ශ්‍රී ලංකාව දියුණු රටක් ලෙස ඉදිරියට ගෙන යාමට සියලු ජාතීන් අතර සමගිය පැවතීම අත්‍යවශ්‍ය සාධකයක් වන බවයි. ප්‍රථම නිදහස් දින උත්සවය ඇරඹුවේ එදින උදෑසන හතට වන අතර පළමුව  එරට ආණ්ඩුකාරවරයා ලෙස ශ්‍රීමත් හේන්රි මේසන් මුවර් දිවුරුම් දුණී.

නමෝ නමෝ මාතා ගීය ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස තෝරා ගැනීමෙන් පසුව ප්‍රථම වරට ගායනා කොට ඇත්තේ 1949 පෙබරවාරි හතර වන දින පැවැත් වූ එරට දෙවන නිදහස් සමරුවේදීය. එය ගායනා කරන ලද්දේ ටොරින්ටන් චතුරස්‍රයේ ස්වාධීන අනුස්මරණ ගොඩනැඟිල්ලේ ආරම්භ වෙනුවෙන් පැවැති උත්සවයේදී ය.ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත වර්තමාන  ජාතික ගීය වන නමෝ නමෝ මාතා ගීය 1940 දී රචනා කර ඇත්තේ ගාල්ල මහින්ද විද්‍යාලයීය සිසුන් තුළ ජාතික හැගීම් වර්ධනය කර ගැනීම සදහා ය.කොළඹ මියුසියස් විද්‍යාලයීය සිසු දරුවන් 50 දෙනෙක් විසින් නමෝ නමෝ මාතා ගීය ප්‍රථම වරට ගායනා කරන ලද්දේ එරට දෙවන නිදහස් සමරු උළෙලේදීය.

සිංහල රාජ්‍ය ඉංග්‍රීසීන් විසින් පවරා ගැනීමෙන් පසුව සිංහල ජාතික කොඩිය පවා ඉංග්‍රීසීන්  පවරා ගැනීම සිදුවුණී. ඒ අනුව 1951 වසරේ ශ්‍රී ලංකාවට නිල වශයෙන් ජාතික කොඩියක් නිර්මාණය කර ගැනීම සිදුවූ අතර නැවතත්  ගොඩනැංවූ ජාතික කොඩිය 1952 වසරේ පැවති නිදහස් දින උළෙලේ ලෙළ දුනී.  මෙම නිදහස් දින උත්සව ඉතා සරල චාම් අයුරින් පැවැත්වුණි.1961 වසරේ ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් නිදහස් උත්සවය මහනුවරදී සමරන ලදී. ඒ අනුව මෙම නිදහස් දින උළෙලේ ජාතික ගීය අරභයා විවිධ මතභේදවලට තුඩු දුන් අතර ඒ හේතුවෙන් මෙදින ජාතික ගියේ අනුවාදය පමණක් වාදනය කෙරිණි. 1978 වසර නිදහස් දින සැමරුම් සුවිශේෂී වසරක් ලෙස  ශ්‍රී ලංකාවේ  ඉතිහාසයට එකතු වනු ඇත.

ඒ  ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති බවට පත්වූ ජේ.ආර්. ජයවර්ධන මහතා එරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස 1978 පෙබරවාරි හතර නිදහස් දිනයේ දිවුරුම් දීමද ඉතිහාසයේ සුවිශේෂ සිදුවීමකි. ඉතිහාසයේ ඛේදජනකම සිදුවීමක් සිදුවූ වසරක් වන 1998 වසරේ නිදහස් දිනය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ මහනුවරදීය. නමුත් මේ එල්ල වූ ප්‍රහාරය හේතු කොට ගනිමින් එම උළෙල කොළඹ පැවැත්වීමට කටයුතු සැලසුම් කෙරිණි.නිදහස් දින සැමරුම් ඉතිහාසයේ වසර තිහක ඛේදජනකම ත්‍රස්තවාදය නිමකර ශ්‍රී ලාංකීය ජනයා සැනසුම් සුසුමින් යුතුව නිදහස් දින සමරනු ලැබූ වසරක් ලෙස 2010 වර්ෂය හඳුනාගත හැකිය. ඒ එරට 62 වන නිදහස් සැමරුම් දිනයයී. 

ඉතිහාසය පුරාම නිදහස් සැමරුම් උළෙලන් ශ්‍රී ලාංකිකයින්ට සුවිශේෂීය. මන්ද ඔවුන් නිදහස දිනාගෙන වසර 77 ක් ගෙවී ගොස් අවසන්ය. 2025 මෙම වර්ෂයද නිදහස් දිනයේ සුවිශේෂීම සහ වෙනස්ම දිනයන් ලෙස ඉතිහාසගත වනු නොවනුමානය. වසර ගණනාවක් පුරා වෙඩිමුර, ගුවන් සංචාර, රථ පෙළපාලි වලින් අලංකෘත වූ නිදහස් දින උළෙල ඉතිහාසයේ පළමුවරට හැත්තෑ හත්වන මෙම නිදහස් දින උළෙල සරල චාම් නිදහස් උළෙලක් ලෙස ඉතිහාසගත වනු ඇත.

Don't forget to share this post!

Recent Posts

japan_12_02_2025-1170x658
February 12, 2025