2024 ඔක්තෝම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළට

  • Home
  • /
  • News
  • /
  • 2024 ඔක්තෝම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළට

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව, 2024 ඔක්තෝම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,097.1ක් වූ අතර එය 2023 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 18.22%ක වර්ධනයක් විය. මේ වර්ධනය සදහා ප්‍රධාන වශයෙන් ඇඟලුම් සහ රෙදිපිළි අපනයනය, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කුළුබඩු සහ සාන්ද්‍රිත නිශ්පාදන යනාදිය ඇතුළත් වේ.

එමෙන්ම 2024 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය 8.44% කින් වැඩි විය.2024 ඔක්තෝබර් මාසය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 323.17ක් වූ අතර එය 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 19.75%ක වර්ධනයක් පෙන්නුම් කරයි.ඒ අනුව යමින්, 2024 ඔක්තෝම්බර් මාස‍යේ වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව මුළු අපනයනය, 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 18.57%ක වර්ධනයක් සමග ඇමෙරිකානු ඩොලර් මිලියන 1,420.27ක් ලෙස වාර්තා වී ඇත.

Don't forget to share this post!

Recent Posts

coffee-cafe-1200x628-facebook-1200x628
January 10, 2025