2025 වසරේ මුල් දින පහ තුළ සංචාරකයින් 39,415ක් ශ්‍රී ලංකාවට

  • Home
  • /
  • News
  • /
  • 2025 වසරේ මුල් දින පහ තුළ සංචාරකයින් 39,415ක් ශ්‍රී ලංකාවට

2025 නව වසර ආරම්භ වී ගෙවී ගිය පළමු දින 5 තුළ ශ්‍රී ලංකාවට 39,415ක සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය 2025 වසරේ සිය නවතම දත්ත වාර්තාව නිකුත් කරමින් පවසා සිටියි.ජනවාරි පළමු දින 5 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි දිනය ලෙස ජනවාරි දෙවනිදා පෙන්වා දිය හැකි අතර එදින පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 9,392ක් ලෙසයි.

ඉන්දියාව වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රට ලෙස 2024 දී වැඩි වාර ගණනක දී වාර්තා වූ අතර 2025 වසරේ දී පළමු දින 5 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රට ලෙස රුසියාව සඳහන් වන අතර රුසියාවෙන් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 6,481ක් ලෙසයි.මීට අමතරව 2025 දී ඉන්දියාවෙන් සංචාරකයින් 6,183ක්, එක්සත් රාජධානියෙන් 2,928ක් සහ ජර්මනියෙන් 2,921ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

Don't forget to share this post!

Recent Posts

coffee-cafe-1200x628-facebook-1200x628
January 10, 2025