2025 වසරේ වැඩිම නිවාඩු ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව

  • Home
  • /
  • News
  • /
  • 2025 වසරේ වැඩිම නිවාඩු ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව

2025 වසරේ ලොව වැඩිම නිවාඩු සංඛ්‍යාවක් හිමි රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුලත් වෙයි. 2025 වසරේ ලොව වැඩිම නිවාඩු දිනයන් සහිත රට ලෙස නේපාලය බව CN Traveller විසින් වාර්තා කර ඇත. ඒ අනුව  2025 වසර සඳහා නේපාලයට රජයේ අනුමත පොදු නිවාඩු දින 39ක් හිමිවේ.එමෙන්ම නිවාඩු 32ක් හිමිකරගනිමින් දෙවැනි තැනට පත්ව ඇත්තේ මියන්මාරය යි. නිවාඩු 26ක් ලබන වසර සඳහා ලබා දෙමින් ඉරානය තුන්වන ස්ථානයටත් හිමිකරගෙන ඇත.නිවාඩු 25ක් හිමිකරගනිමින් 2025 වසර සදහා ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 4 වන ස්ථානයයි.බංගලාදේශය, ඊජිප්තුව සහ ඉන්දියාවට ලබන වසර සදහා නිවාඩු 22 බැගින් හිමිව තිබේ.ඔස්ට්‍රේලියාවේ නිවාඩු දිනයන් ගණන ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වන අතර වික්ටෝරියා ප්‍රාන්තය සදහා 2025 වසර සඳහා නිවාඩු දින 12ක් හිමි වන බවට වාර්තා වේ.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025