Antibiotic-resistance හේතුවෙන් ගෝලීය සෞඛ්‍ය අවධානමක් ඇතිවෙයි.

  • Home
  • /
  • News
  • /
  • Antibiotic-resistance හේතුවෙන් ගෝලීය සෞඛ්‍ය අවධානමක් ඇතිවෙයි.

ප්‍රතිජීවක ඖෂධ මගින් සිදුවන ප්‍රතිරෝධය (Antibiotic-resistance) හේතුවෙන් 2050 වන විට මිලියන 40ක මරණ සංඛ්‍යාවක් සිදු විය හැකි බවට අනාවරණය වේ.

ප්‍රතිජීවක ඖෂධ මගින් සිදුවන ප්‍රතිරෝධය (Antibiotic-resistance) හේතුවෙන් 2050 වන විට මිලියන 40ක මරණ සංඛ්‍යාවක් සිදු විය හැකි බවට The Lancet හි ප්‍රකාශයට පත් කරන ලද නව අධ්‍යයනයක් අනතුරු අඟවා ඇත.එය පෙර ඇස්තමේන්තු කල මිලියන 10ක ප්‍රමාණයට වඩා සැලකිය යුතු වර්ධනයකි.

RMIT විශ්ව විද්‍යාලයේ වෛද්‍ය Aaron Elbourne අවධාරණය කළේ මෙම වර්ධනය වන අර්බුදයට හේතුව වන්නේ ප්‍රතිජීවක ඖෂධ අනිසි ලෙස භාවිතා කිරීම සහ අධික ලෙස නිර්දේශ කිරීම වැනි සාධක බවයි. ප්‍රතිරෝධී බැක්ටීරියා වර්ධනය වීමේ අවදානම අවම කිරීම සඳහා වෛද්‍යවරුන් විසින් ලබාදෙන ප්‍රතිජීවක පාඨමාලා නිසිලෙස සම්පූර්ණ කරන ලෙසත්,වෛද්‍යවරයෙකුගේ නියෝගයකින් තොරව ඖෂධය නතර කිරීම හෝ ප්‍රමාණයට වඩා ලබාගැනීම සිදු කිරීම නොකලයුතු බවත්, ආසාදන සඳහා කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.ගෝලීය වශයෙන් එල්ලවන සෞඛ්‍ය අභියෝගයක් ලෙස ක්ෂුද්‍ර ජීවී නාශක ප්‍රතිරෝධය(Antibiotic-resistance) පිළිබද හදිසි අවශ්‍යතාවය ඉස්මතු කරමින් එළඹෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේ දී මෙම සොයාගැනීම් ප්‍රධාන මාතෘකාවක් වනු ඇත.

Don't forget to share this post!

Recent Posts

dream-about-scuba-diving.jpg
October 11, 2024