සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු හුවමාරු කරන්නන්ට එරෙහිව ඕස්ට්‍රේලියාව නීති ක්‍රියාත්මක කරයි

  • Home
  • /
  • News
  • /
  • සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු හුවමාරු කරන්නන්ට එරෙහිව ඕස්ට්‍රේලියාව නීති ක්‍රියාත්මක කරයි

ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය වේදිකාවල වැරදි තොරතුරු නිකුත් කිරීම අවම කිරීම සදහා නව නීති ස්ථාපනය කෙරේ. 

 

Facebook සහ TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකා හානිකර වැරදි තොරතුරුවලට එරෙහිව සටන් කිරීම අරමුණු කරගත් නව නීති යටතේ වැඩි පරීක්ෂාවකට ලක් කිරීමට සැරසේ.ඕස්ට්‍රේලියානු සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරිය (ACMA විනිවිදභාවය සහ වාර්තා තබා ගැනීම සඳහා වන නව අවශ්‍යතා ඇතුළුව ඩිජිටල් වේදිකා අධීක්ෂණය සඳහා වැඩි දියුණු කළ බලතල ලබා ගන්නා බව සන්නිවේදන අමාත්‍ය Michelle Rowland නිවේදනය කළේය. භාෂණයේ නිදහස සමතුලිත කරමින් වැරදි තොරතුරු මගින් එල්ල වන තර්ජන සදහා ක්‍රියාමාර්ග ගැනීමට  ඇල්බනීස් රජය කැපවී සිටී.මීට අමතරව සාපරාධී හැසිරීම් සහ වංචාවන් සිදුකරන සමාජ මාධ්‍ය සමාගම්වලට එරෙහිව මර්දනයක් සිදු කිරීමට නියමිත අතර නීති කෙටුම්පත් සම්පාදනය ඉක්මනින්ම නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025