සුපිරි පැසිපන්දු තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට

  • Home
  • /
  • Sports
  • /
  • සුපිරි පැසිපන්දු තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට

මාලදිවයින පැසිපන්දු සංගමය විසින් සංවිධානය කළ “සුපිරි ” කුසලාන පැසිපන්දු තරගාවලියේ දී කාන්තා සහ පිරිමි ශූරතා දෙකම දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් ද්විත්වය සමත් වී තිබේ.

මෙම “සුපිරි ” කුසලාන පැසිපන්දු තරගාවලිය මාලදිවයින, මාලේ නගරයේ දී සැප්තැම්බර් (26) වන දින සිට සැප්තැම්බර් (30) දින දක්වා පැවැත්වුණු අතර ලෝකයේ ප්‍රබල විදේශීය පැසිපන්දු ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායම් සමඟ තරග වැදී රන් පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් ද්විත්වය ඊයේ (01) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ජයග්‍රාහී ගුවන් හමුදා පැසිපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා පැසිපන්දු සංචිතයේ සභාපති, ගුවන් හමුදා කොමදෝරු අමල් පෙරේරා මහතා ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025