ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල මූල්‍ය වංචාවන් ඉහළ යයි

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල මූල්‍ය වංචාවන් ඉහළ යයි

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මූල්‍ය අක්‍රමිකා සම්බන්ධයෙන් පැමිණිලිවල ඉහළ යාමක් වාර්තාවන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ප්‍රකාශයක් නිකුත් කර ඇත.

 

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කළේ, වසරේ ගතවූ කාලසීමාව තුළ මූල්‍ය චංචා පිළිබඳ පැමිණිලි 340කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවය.

 

“සැප්තැම්බර් මාසය වනවිට අන්තර්ජාල සම්බන්ධයෙන් පැමිණිලි 7,210ක් වාර්තා වෙලා තියෙනවා. මේ අතරින් වැඩි ප්‍රමාණයක් සමාජ මාධ්‍ය සම්බන්ධ සිදුවීම්. ඍජුවම අන්තර්ජාල සිදුවීම් ගත්තහම 20%ක් වැනි ප්‍රමාණයක් අන්තර්ජාල වංචාවලට හසුවූ පුද්ගලයින්ගෙන් ලැබුණු පැමිණිලි. මේ අතරින් කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන්නේ අන්තර්ජාලය ඔස්සේ බැංකුකරණයේ යෙදෙන පරිශීලකයින් ඉලක්ක කරගනිමින් සිදුවන අන්තර්ජාල වංචා. බොහෝ වෙලාවට අන්තර්ජාලය ඔස්සේ බැංකුකරණයේ යෙදෙන පරිශීලකයින් බැංකු ගිණුමට පිවිසෙන මුරපදය, තාවකාලික මුරපදය වන OTP අංකයෙහි ආරක්ෂිතභාවය ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වීම. පසුගිය කාලය තුළ අන්තර්ජාල බැංකුකරණය සම්බන්ධයෙන් සිදුවූ වංචාවලට සම්බන්ධ පැමිණිලි 340 ගණනක් වාර්තා වෙලා තියෙනවා. මෙහිදී තමන්ගේ බැංකුකරණයට අදාළ වෙබ් අඩවිය හරියට හඳුනා නොගැනීම නිසා තමා බොහෝවිට මෙම වංචාවන්ට හසුවෙලා තියෙන්නේ.”

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025