ශ්‍රී ලංකාව පරදා කොදෙව්වන් පහසු ජයක් අත්කර ගනී.

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකාව පරදා කොදෙව්වන් පහසු ජයක් අත්කර ගනී.

පළමු විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර කඩුලු 5ක පහසු ජයක් ලැබීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.මෙම තරගය දඹුල්ලේ දී ඊයේ (13) රාත්‍රියේ දී පැවැත්විණි.මෙහිදී පළමු පන්දුවට පහරදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 180ක ඉලක්කය පන්දුවාර 19.1කදී පසුකර යාමට කොදෙව් කණ්ඩායමට හැකිවිය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව පෙරළිකාර ආරම්භයක් ලබාගැනීමට කොදෙව් ආරම්භක පිතිකරුවන් වූ බ්‍රෙන්ඩන් කිං හා එවින් ලුවිස් සමත් වූහ.ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට පන්දු 55කින් ලකුණු 107ක සබඳතාවක් ගොඩනගන ලදී.ඉන් බ්‍රෙන්ඩන් කිං පන්දු 33කින් ලකුණු 63ක් රැස්කළේය. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 11ක් ඇතුළත් විය.

එමෙන්ම ලුවිස් ලකුණු 50ක් රැස්කළ අතර, පන්දු 28කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 5ක් ඇතුළත් විය.ශ්‍රී ලංකාව වෙනුවෙන් යම් තරමක හෝ පන්දු යැවීමෙන් සාර්ථක වූ මතීෂ පතිරණ ලකුණු 27කට කඩුලු 2ක් දවාගත්තේය.

මෙහිදී කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 179ක් රැස්කිරීමට සමත් විය.මෙම ජයත් සමග තරග 3කින් යුත් තරගාවලිය අතර 1-0ක් ලෙස කොදෙව් කණ්ඩායම පෙරමුණ ගත්තේය.තරගයේ වීරයා ලෙස බ්‍රෙන්ඩන් කිං සම්මාන දිනාගත්තේය.දෙරට අතර දෙවැනි විස්සයි විස්ස තරගය හෙට (15) දඹුල්ල ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිත වේ.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025