අයහපත් කාලගුණික තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ පාසල් වැසෙයි.

  • Home
  • /
  • News
  • /
  • අයහපත් කාලගුණික තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ පාසල් වැසෙයි.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ අධ්‍යාපන කලාපයට අයත් පාසල් අද (14) දිනයේ පමණක් වසා තැබීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පියවර ගෙන ඇත.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, ගම්පහ යන අධ්‍යාපන කලාපවල පාසල්  අද (14) සහ හෙට (15) යන දෙදිනම වසා තැබීමට ද තීරණය කර තිබේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ආපදාවට ලක්වූ සහ අවතැන් කඳවුරු ස්ථාපිත සෙසු ප්‍රදේශවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීමේ බලය කලාප අධ්‍යාපන බලධාරීන්ට පැවරා ඇති බවය.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025