ශ්‍රී ලංකාවේ පියයුරු සහ මුඛ පිළිකා අවධානම ඉහළ යයි.

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවේ පියයුරු සහ මුඛ පිළිකා අවධානම ඉහළ යයි.

ශ්‍රී ලංකාව තුළ මුඛ පිළිකා සහ පියයුරු පිළිකා වාර්තාවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවසා ඇත.

අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පෙන්වාදෙන්නේ පසුගිය වසරේ පමණක් නව පිළිකා රෝගීන් 33,000කට අධික පිරිසක් වාර්තා වී ඇති බවය.පිළිකා හේතුවෙන් පසුගිය වසරේ මරණ 19,000ක් සිදුව ඇති බව ද සඳහන් වේ.

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන පිළිකා රෝගී මරණවලට පියයුරු පිළිකා, ගැබ් ගෙල පිළිකා, පෙනහළු හා මහ බඩවැලේ පිළිකා ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වාදෙයි.

පිරිමි පුද්ගලයින් අතර මුඛ පිළිකා වර්ධනය වීමක් දක්නට ලැබෙන අතර ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ලක්ෂයකට මුඛ පිළිකා රෝගීන් 1,990ක් වාර්තා වන බව අනාවරණය වී තිබේ.

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම මගින් පිළිකා රෝගීන් වාර්තා වීම අඩු කර ගත හැකි අතර පිළිකා ප්‍රතිකාර පිළිබඳව ප්‍රමිතීන් ඉහළ නැංවීමට ද කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

Don't forget to share this post!

Recent Posts

download
June 13, 2025