ඕස්ට්‍රේලියාවේ බැංකු දෙකක Online සහ ජංගම සේවා බිදවැටීමකින් පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වෙයි.

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාවේ බැංකු දෙකක Online සහ ජංගම සේවා බිදවැටීමකින් පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වෙයි.

Westpac සහ St George ඔන්ලයින් බැංකු ඇනහිටීම් දිගටම පවතී.

Westpac සහ St George යන බැංකුවල පාරිභෝගිකයින් තුන්වන දිනටත් Online සහ ජංගම බැංකු සේවා වෙත ප්‍රවේශ වීමේ දුෂ්කරතාවයන්ට මුහුණුදෙයි. බැංකු දෙකම දැනට පවතින ගැටළු තහවුරු කර ඇති අතර ඒවා විසඳීමට කටයුතු කරමින් සිටී.සඳුදා(14) සහ අඟහරුවාදා(15) යන දිනවලද ඇණහිටීම් සිදු වූ අතර, නවතම ගැටළු මතුවීමට පෙර ඔන්ලයින් සේවා කෙටි කාලයකට යථා තත්ත්වයට පත්කලද නැවතත් ඇණහිටිම් සිදුවිය. අපහසුතාවයට සමාව අයැදිමින් බැංකු විසින් සමාජ මාධ්‍ය වෙත පණිවිඩ යොමු කර ඇති අතර පවතින තත්ත්වය නිරවුල් කිරීමට ක්‍රියා කරන බැවින් යාවත්කාලීන කිරීම් ඉක්මනින් සිදුකරන බවට සහතික වේ.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025