Seychellesහි නව නීතිපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙකු වන වින්සන්ට් පෙරේරා මහතා දිවුරුම් දෙයි.

  • Home
  • /
  • News
  • /
  • Seychellesහි නව නීතිපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙකු වන වින්සන්ට් පෙරේරා මහතා දිවුරුම් දෙයි.

Seychelles මාධ්‍ය වාර්තා කළේ ඊයේ (16) දිනයේ දී ඔහු රාජ්‍ය මන්දිරයේ දී නීතිපතිවරයා ලෙස දිවුරුම් දී ඇති බවය.

ශ්‍රී ලංකාවේ උපත ලැබූ වින්සන්ට් පෙරේරා මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපති උපාධියක් ලබාගෙන ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.ඊට අමතරව ෆිජි හී නීතීඥවරයෙකු හා සොලිස්ටර්වරයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු සිංගප්පූරුවේ සමත මධ්‍යස්ථානයේ පිළිගත් මැදිහත්කරුවෙකු ලෙස ද සුදුසුකම් ලබා ඇති බව සඳහන් ය.

Seychelles නිතිපතිවරයා ලෙස පත්වීමට පෙර වින්සන්ට් පෙරේරා මහතා Seychellesහි නීතිපති කාර්යාලයේ සිවිල් නඩු පැවරීමේ නීති උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබේ.

 

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025