වික්ටෝරියා ප්‍රාන්තය ස්වදේශික සංස්කෘතිය වෙනුවෙන් නව රජයේ නිවාඩු දිනයක් පිළිබද සලකා බලයි

  • Home
  • /
  • News
  • /
  • වික්ටෝරියා ප්‍රාන්තය ස්වදේශික සංස්කෘතිය වෙනුවෙන් නව රජයේ නිවාඩු දිනයක් පිළිබද සලකා බලයි

ඕස්ට්‍රේලියාව තුළ සිදු වූ ඓතිහාසික ගිවිසුම් සාකච්ඡාවල කොටසක් ලෙස වික්ටෝරියා ප්‍රාන්තය විසින් ඔස්ට්‍රේලියාවට ප්‍රථම වතාවට ස්වදේශික සංස්කෘතිය සමරමින් නව රජයේ නිවාඩු දිනයක් හඳුන්වා දීමට සූදානම් වේ. මෙම නිවාඩු දිනය ගිවිසුමක් අත්සන් කරන දිනය සනිටුහන් කරන අතර ප්‍රාන්තයේ විවිධ ස්වදේශික සංස්කෘතීන් සහ භාෂාවන්ට ගරු කිරීමක් වශයෙන් මෙම නිවාඩු දිනය ලබාදෙයි.

 

පළමු මහජන සභාවෙහි සම-සභාපති Ngarra Murray විසින් නිවාඩුවේ අරමුණ අවධාරණය කළේය.ප්‍රසිද්ධ නිවාඩුවට සමගාමීව ආදිවාසී ජනතාවගේ නිශ්චිත අවශ්‍යතා සපුරාලන බව සහතික කරමින්, ආදිවාසී ප්‍රජාවන්ට බලපාන ප්‍රතිපත්ති සහ අරමුදල් තීරණ පිළිබඳ වැඩි අවදානයක් සභාව අපේක්ෂා කරයි.

 

ආදිවාසීන් අතර පිළිගැනීම සහ අයිතිවාසිකම් සඳහා දිගුකාලයක සිට එනම් 1963 සිට ගිවිසුම් සඳහා සාකච්ඡා සිදුවෙමින් පවතී.මෙම මුලපිරීම මගින් ඕස්ට්‍රේලියාවේ සංහිඳියාව සහ සංස්කෘතික පිළිගැනීම සඳහා වැදගත් අවස්ථාවක් ලෝකයට පෙන්වාදෙයි.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025