බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාගේ පියාට අයත් ඩකා හි පිහිටි නිවස ගිනි තබා විනාශ කර තිබේ.මෙලෙස ගිනි තබා ඇත්තේ ඇගේ පියා එනම්, නිදහස් බංග්ලාදේශයේ නිර්මාතෘ ලෙස සැලකෙන ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ නිවසටයි .අනුස්මරණ කෞතුකාගාරයක් ලෙස සංවර්ධනය කර තිබූ මේ නිවසට ගිනි තබා තිබුණේ හසිනාගේ පවුලට එරෙහිව පෙර සිටම විරෝධතාවක නිරතව සිටි පිරිසක් බව සඳහන් ය.