මාලදිවයිනේ විදේශ ඇමතිවරයා ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරත වෙයි.

  • Home
  • /
  • News
  • /
  • මාලදිවයිනේ විදේශ ඇමතිවරයා ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරත වෙයි.

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය වන අබ්දුල්ලා ඛලීල් මහතා පෙබරවාරි 18 වැනිදා සිට 21වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල චාරිකාවක නිරතවීමට නියමිත බව සඳහන් ය. 

අමාත්‍ය ඛලීල් මහතා සිය සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මාලදිවයින් විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සමඟ මාලදිවයිනේ විදේශ ලේකම් ෆාතිමත් ඉනායා ද මෙම චාරිකාව සදහා එක්වෙන බව සඳහන් ය.

Don't forget to share this post!

Recent Posts

diverse-multi-ethnic-business-teamwork-overworking-office-meeting-room-analyzing-financial-graphs
July 10, 2025