වොලොදිමිර් සෙලෙන්ස්කි හෙට ඇමරිකාවට

  • Home
  • /
  • News
  • /
  • වොලොදිමිර් සෙලෙන්ස්කි හෙට ඇමරිකාවට

ඇමෙරිකාව සහ යුක්රේනය අතර ඩොලර් බිලියන ගණනාවක් වටිනා ඓතිහාසික ගිවිසුමකට අත්සන් කිරීම සඳහා යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි හෙට (28) නිව්යෝක් නුවරට පැමිණන බව වාර්තා වේ.  යුක්රේනයේ දුර්ලභ ලෝහ වර්ග ඇතුළු ස්වභාවික සම්පත් සංවර්ධනය කිරීම සඳහා වන එම ගිවිසුම දෙරට අතර රුසියානු යුද ගැටුම් සම්බන්ධව පසුගියදා උද්ගත වූ මතභේදය එම ගිවිසුම අත්සන් කිරීමෙන් යටපත් වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ගිවිසුමට අදාළ කොන්දේසිවලට දෙරටම එකඟතාව පළ කර ඇති බවත්, මේ වනවිට ගිවිසුම සකස් කිරිම අවසන් අදියරේ පවතින බවත් වාර්තා වේ. ගිවිසුමට ඇතුළත් කරුණු සම්බන්ධව අනාවරණය නොවූවද, එමඟින් අමෙරිකාවට මෙන්ම යුක්රේනයට ද ආර්ථීක වශයෙන් වාසිසහගත පසුබිමක් නිර්මාණය වනු ඇතැයි වාර්තා වේ.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025