ඩොලර් බිලියන 300 ක Bitcoin, Ethereum, Solana, BNB සහ XRP මිල කඩාවැටීම් මධ්‍යයේ FBI බරපතල අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.Bitcoin සමග අනෙකුත් ප්‍රධාන මුදල් වන ethereum, solana සහ XRP සමග මේ සතියේ නැවත කඩා වැටී ඇත. කොටස් වෙලඳපොල කඩා වැටීමෙන් එය වඩාත් නරක අතට හැරෙනු ඇතැයි බලාපොරොත්තු වේ.බිට්කොයින් මිල පසුගිය සතියේ ඩොලර් 70,000ට ළඟා වූ පසු බිට්කොයින් එකකට ඩොලර් 60,000 දක්වා පහත වැටී ඇත. අනෙකුත් ප්‍රමුඛතම මුදල් දහය වන ethereum, solana සහ XRP ද ජූලි අග සිට crypto වෙළඳපොලෙන් ඒකාබද්ධ ඩොලර් බිලියන 300ක් අතුගා දැමීමෙන් මේවන විට පසු බැස ඇත.දැන්, වෙළෙන්දන් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් බිට්කොයින් ගේම්-චේන්ජර් සඳහා පෙළඹෙන විට, එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) පරිශීලකයින්ගේ අරමුදල් සොරකම් කිරීමට වංචාකරුවන් විසින් දරන උත්සාහයන් සම්බන්ධයෙන් cryptocurrency සදහා බරපතල අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.ඔබේ මුදල් සොරකම් කිරීම සඳහා Cryptocurrency විනිමය සේවකයින් ලෙසින් පෙනී සිටින වංචාකරුවන් ගැන FBI අනතුරු මේවන විට අනතුරු අඟවා ඇත. ඔබ මෙම වංචාවට ගොදුරු වී ඇත්නම් ඒ හා සම්බන්ධ ක්‍රියාකාරකම් පිළිබද වාර්තා කරන ලෙස දේශීය බුද්ධි සහ ආරක්ෂක සේවාව වැඩිදුරටත් පවසා ඇත.ඔබට කිසියම් ආකාරයක ගිණුමේ ගැටලුවක් පවතින බවට පෙන්නුම් කරන ඇමතුමක්,පණිවිඩයක් ලැබුනහොත් එය නිල ආකාරයෙන් ඔබට ලැබී ඉක්මනට ක්‍රියාකල යුතු බව පෙන්නුම් කලත් ප්‍රතිචාර නොදක්වන්නැයි යනුවෙන් FBI නිවේදනයක් නිකුත් කර ඇත. ඒ සමගම තවත් උපදෙස් කිහිපයක් ලබා දී ඇත. ගැටලුවක් තිබේදැයි තහවුරු කර ගැනීමට cryptocurrency නිල දුරකථන අංකයට ඇමතුමක් ලබා දීම,ඔබට ඇමතුම ලබාදෙන්නා විසින් සපයන කිසිදු දුරකථන අංකයක් භාවිතා නොකිරීම,ඇමතුම ලබාදෙන්නා විසින් ඔබට එවන කිසිදු වෙබ් අඩවියකට හෝ ඔබට එවන ලද කිසිදු ආකාරයේ සබැදියක් මත ක්ලික් කිරීමෙන් වලකින ලෙස ද වැඩිදුරටත් පවසා තිබේ.බිට්කොයින් මිල සහ ක්‍රිප්ටෝ වෙළඳපල අස්ථාවරත්වය නිසා කලබලයට පත් පරිශීලකයින්ගෙන් ක්‍රිප්ටෝ සොරකම් කිරීමට උත්සාහ කරන හැකර්වරුන්ගෙන් ක්‍රිප්ටෝ වෙළඳපොල පීඩාවට පත් වී ඇත.