Clean Sri Lanka වැඩසටහනට ඕස්ට්‍රේලියාවෙන් අගය කිරීමක්

  • Home
  • /
  • News
  • /
  • Clean Sri Lanka වැඩසටහනට ඕස්ට්‍රේලියාවෙන් අගය කිරීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ  “ක්ලීන් ශ්‍රී ලංකා”  වැඩපිළිවෙළ අගය කරන බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා ඊයේ (27) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූ අවස්ථාවේ දී පවසා ඇත. 

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය සදහා ඕනෑම අවස්ථාවක අවශ්‍ය සහාය ලබා දීමට ද කටයුතු කරන බවත් අල්ලස් දූෂණවලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කිරීමට හේතුවන බවත් ස්ටීවන්ස් මහතා පැවසීය.

එමෙන්ම එම ක්‍රියාවලිය රට පුරා ස්ථාපිත කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ඕනෑම අවස්ථාවක සහයෝගය දක්වන බවද ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා සඳහන් කර තිබේ.

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින වසර 75ක මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට අතර සමීප සබඳතා ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු කරන බවද මහ කොමසාරිස්වරයා මෙහිදී පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජාතික ආරක්‍ෂාව, සමුද්‍රීය කටයුතු, ඩිජිටල්කරණය, රාජ්‍ය අංශය නවීකරණය, වෘත්තීය අධ්‍යාපනය සහ බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ ඕස්ට්‍රේලියානු තාක්ෂණික සහාය ලබා දීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කර ඇත.

Don't forget to share this post!

Recent Posts

https___vms-network-images-prod.s3-ap-southeast-2.amazonaws.com_2025_03_682061_pickerimage
March 25, 2025