ඕස්ට්‍රේලියාවේ Corinna, Granville වරායේ ප්‍රදේශවාසීන්ට හදිසි ලැව්ගිනි අනතුරු ඇඟවීම තවමත් ක්‍රියාත්මක බව වාර්තා වේ.
ටැස්මේනියාවේ බටහිර වෙරළ තීරයේ හෙක්ටයාර දස දහස් ගණනක් පුරා ගිනි ගනිමින් පවතින ලැව්ගිනි කිහිපයක් මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් අඛණ්ඩව කටයුතු කරමින් සිටින බව සඳහන් ය.
රාජ්‍ය ගිනි නිවන පාලක සහ ගිනි නිවන හා හදිසි සේවා කොමසාරිස් Jeremy Smith පවසන්නේ පසුගිය පැය 24 ගිනි නිවන භටයින්ට අතිශයින් අභියෝගාත්මක වී ඇති බවත් මෙම ලැව්ගිනි මැඩ පැවැත්වීම අතිශය දුෂ්කර කාර්යක් වන බව ඔහු පවසා තිබේ.
කොමසාරිස් ස්මිත් පවසන්නේ අනෙකුත් යටිතල පහසුකම් පිළිබඳ තක්සේරුවක් තවමත් සිදු කර නොමැති අතර ගින්න නිවීමට තවමත් කටයුතු කරමින් සිටින බවයි.