David Crisafulli ඓතිහාසික ජයග්‍රහණයකින් පසු ක්වීන්ස්ලන්ත අගමැති ලෙස දිවුරුම් දෙයි.

  • Home
  • /
  • News
  • /
  • David Crisafulli ඓතිහාසික ජයග්‍රහණයකින් පසු ක්වීන්ස්ලන්ත අගමැති ලෙස දිවුරුම් දෙයි.

ක්වීන්ස්ලන්ත මැතිවරණයෙන් Miles Labor government (කම්කරු රජය) එරෙහිව Liberal National Party (LNP) සැලකිය යුතු ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් පසු ක්වීන්ස්ලන්තයේ 41 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස David Crisafulli නිල වශයෙන් දිවුරුම් දී තිබේ. LNP පක්ෂය විසින් ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ ආසන 52ක් ජයග්‍රහණය කර ඇති අතර කම්කරු පක්ෂයට හිමිව ඇත්තේ ආසන 32ක් පමණි.

David Crisafulliට ඡන්ද ප්‍රමාණය වැඩිවීම කෙරෙහි කම්කරු ආණ්ඩුව විසින් සිදුකරන තරුණ අපරාධ,රෝගීන් නිසි පරිදි රෝහල්වලට රැගෙන යාමට නොහැකි වීම සහ නිවාස හිඟය ඇතුළු ප්‍රධාන ප්‍රශ්න හසුරුවා ගැනීම සම්බන්ධයෙන් ජනතාව තුළ පුළුල්ව පැතිරුණු අතෘප්තියේ ප්‍රතිඵලයක් ලෙස LNP දෙසට 7.9%ක් පමණ ඉහළ මහජන ඡන්දයක් ඇදී යාමට හේතු විය.මේ ආකාරයට ජනතාව තුළ මහජන සෞඛ්‍ය හා ආරක්‍ෂාව සම්බන්ධයෙන් තිබූ ගැටළුකාරී තත්ත්වයන් හේතුවෙන් දශකයකට ආසන්න කම්කරු පාලනය ප්‍රතික්ෂේප කිරීම  ඡන්දදායකයින්ගේ තීරණයෙන් පිළිබිඹු වේ.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025