Melbourne නත්තල් උත්සවයකට පිහි අතැතිව කඩා වැදුනු ළමුන් අත්අඩංගුවට

  • Home
  • /
  • News
  • /
  • Melbourne නත්තල් උත්සවයකට පිහි අතැතිව කඩා වැදුනු ළමුන් අත්අඩංගුවට

මෙල්බර්න් හි පවුලේ නත්තල් උත්සවයක් අතරතුර ඇති වූ ගැටුමක් හේතුවෙන් පොලිසිය පිහිවලින් සන්නද්ධ යෞවනයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අඟහරුවාදා(10) සවස Brighton East, Bayside Carols හිදී මෙම කලබලය ඇති විය.රාත්‍රී 8.30ට පමණ පොලිසිය එම ස්ථානයට කැඳවා ඇත්තේ පිහි අතැතිව තරුණයින් පිරිසක් අසල ගැටුමක නිරත වන බවට වාර්තා වීමත් සමඟයි.උත්සවයට සහභාගී වූ මවක් තම අත්දැකීම සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගත්තේ, යෞවනයන් පිරිසක් තම පවුලට කෑගැසූ ආකාරය සිහිපත් කරමිනි.තම කුඩා පුතාට පසුව නිදා ගැනීමට නොහැකි වූ තරමට බියට පත් වූ ආකාරය සිහිපත් කරමින් ඇය එම හැසිරීම “අතිශයින්ම පිළිකුල් සහගත” ලෙස හෙළා දුටුවාය.තරුණයින් අත්අඩංගුවට ගත් බව තහවුරු කළ පොලිසිය ප්‍රකාශ කළේ මේ පිළිබදව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි. කිසිවෙකුට තුවාලයක් සිදු වූ බවට වාර්තා වී නොමැති අතර, වයස අවුරුදු 15 සහ 16 යන වයස්වල පසුවන පිරිමි ළමුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති ඇත.ඔවුන් රණ්ඩුවීම, ආයුධයකින් පහරදීම සහ තහනම් කරන ලද් ආයුධයක් සන්තකයේ තබා ගැනීම ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලබා ඇත. ඔවුන් මේ වනවිට ඇප මත මුදා හැර ඇති අතර පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Don't forget to share this post!

Recent Posts

coffee-cafe-1200x628-facebook-1200x628
January 10, 2025