Meta විසින් ඕස්ට්‍රේලියානු Facebook පරිශීලකයින්ට ඩොලර් මිලියන 50ක් ගෙවයි.

  • Home
  • /
  • News
  • /
  • Meta විසින් ඕස්ට්‍රේලියානු Facebook පරිශීලකයින්ට ඩොලර් මිලියන 50ක් ගෙවයි.

Cambridge Analytica නම් ආයතනයක් විසින් පරිශීලකයින්ගේ අනුමැතියකින් තොරව Facebook භාවිතා කරන්නන්ගේ පුද්ගලික දත්ත වෙත ප්‍රවේශ වීම නිසා නීතිමය පියවර ගන්නා ලදී.බොහෝ ඕස්ට්‍රේලියානු පරිශීලකයින්ට බලපෑ “This is Your Digital Life” යන පෞරුෂ පරීක්ෂණ යෙදුමක් හරහා පුද්ගලික දත්තවලට අනවසරයෙන් ප්‍රවේශ වීම සහ බෙදා ගැනීම මගින් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නිසා පරිශීලිකයන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලදී.ඕස්ට්‍රේලියානු Facebook පරිශීලකයින්ට වසර ගණනාවක නීතිමය ක්‍රියාදාමයන් අවසන් කරමින් ඩොලර් මිලියන 50ක පියවීමක කොටසක් ලැබීමට නියමිතව තිබේ.Facebookහි මව් සමාගම වන Meta සහ ඔස්ට්‍රේලියානු තොරතුරු කොමසාරිස්වරයා අධිකරණ නියෝගයක් මත සමථයකට පත් වීමෙන් පසුව අසාධාරණයට පත් ජනතාවට විසදුමක් ලැබී ඇත. ඉන්පසුව අධිකරණ මගින් පීඩාවට පත් ජනතාවට ඩොලර් මිලියන 50ක මුදලක් ගෙවිය යුතු බවට නියෝග කර ඇත.Meta ආයතනය විසින් ගෙවීම් අදියර දෙකකින් සිදු කිරීමට බලාපොරොත්තු වේ.මෙම බේරුම්කරණයේ අරමුණ වන්නේ පුද්ගලිකත්වය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සමාගම් වගවීම සහ ඕස්ට්‍රේලියානු නීතිය යටතේ පුද්ගලික දත්ත වඩා හොඳින් ආරක්ෂා කිරීම සහතික කිරීමයි.

 

Don't forget to share this post!

Recent Posts

360_F_4477758_SbNIdErE2ZEVUtwNUv3XSJkhCu9B0R0I
April 23, 2025