රෝගීන්ගේ ආරක්ෂාව හේතුකොට ගෙන මෙම ක්රියාව නීතිවිරෝධී ලෙස සලකන ලද කාර්මික සබඳතා කොමිසමේ තීන්දුව ද ප්රතික්ෂේප කරමින් නිව් සවුත් වේල්ස් හි හෙදියන් 50,000කට අධික පිරිසක් අද වැඩවර්ජනය කරති. සිඩ්නි හි Premier Chris Minnගේ කාර්යාලයෙන් පිටත පෙළපාලි පැවැත්වෙන අතර Coffs Harbour, Gosford සහ Albury ඇතුළු ප්රාන්තය පුරා පැවැත්වීමට සැලසුම් කර ඇත.හෙද හෙදියන්ගේ මූලික ඉල්ලීමවන්නේ වසරක් තුළ 15% ක වැටුප් වැඩිවීමක් වන නමුත් රජය විසින් වසර තුනක් පුරාවට 10.5% ක පමණ වැටුප් වැඩිවීමක් පමණක් යෝජනා කර ඇත.