Townsville හි ගංවතුරෙන් පසු පසෙන් බෝවන රෝගයකින් පුද්ගලයෙකු මිය යයි.

  • Home
  • /
  • News
  • /
  • Townsville හි ගංවතුරෙන් පසු පසෙන් බෝවන රෝගයකින් පුද්ගලයෙකු මිය යයි.

Far North Queensland හි විනාශකාරී ගංවතුරෙන් පසුව  දුර්ලභ පසෙන් බෝවන බැක්ටීරියා රෝගයක් වන  melioidosis රෝගයෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මිය ගොස් ඇත.

ටවුන්ස්විල් රෝහල සහ සෞඛ්‍ය සේවය මෙම වසරේ මෙම රෝගයේ අසාධිතයින්  21 දෙනෙකු තහවුරු කළ අතර මෙම කලාපයේ මහජන සෞඛ්‍ය අධ්‍යක්ෂ  Dr Steven Donohue පැවසුවේ තෙත් සමය පුරාම melioidosis රෝගීන් වැඩි වී රෝහල්ගත වීමට හේතු වී ඇති බවයි.

”melioidosis යනු උතුරු ඕස්ට්‍රේලියාවේ  බැක්ටීරියා මගින් ඇති කරන ඉතා බරපතල බෝවන රෝගයක් ,” බව ඩොනොහු පැවසීය.

ජනවාරි 1 සිට පෙබරවාරි 16 දක්වා කාලය තුළ Queensland  පුරා පුද්ගලයින් හත් දෙනෙකු මිය ගිය අතර පුද්ගලයින් 69 දෙනෙකුට මෙලියොයිඩෝසිස් වැළඳී ඇති බව වාර්තා වේ. 

melioidosis  යනු  South-East Asia සහ northern Australia වේ පසෙහි සහ ජලයෙහි සාමාන්‍යයෙන් දක්නට ලැබෙන Burkholderia pseudomallei යි නම් බැක්ටීරියාව නිසා ඇති වන දුර්ලභ නිවර්තන රෝගයකි.

melioidosis ගැඹුරු පසෙහි දක්නට ලැබෙන අතර නොවැම්බර් සිට අප්‍රේල් දක්වා ටවුන්ස්විල් හි සිදුවන තෙත් සමයේදී මඩ සහිත මතුපිටට නැගෙන අතර melioidosis වැළඳීමේ වැඩි අවදානමක් ඇත්තේ රෝගී, වැඩිහිටි, නිදන්ගත රෝග ඇති බවට හඳුනාගත් හෝ අධික ලෙස මත්පැන් පානය කරන්නන්ට  බව ඩොනොහු  වැඩිදුරටත් පවසා තිබේ.

melioidosis රෝග ලක්ෂණ අතර උණ, කැස්ස, පපුවේ වේදනාව, බර අඩු වීම, මාංශ පේශි වේදනාව සහ හිසරදය ඇතුළත්  බව ඔහු පැවසීය.

Don't forget to share this post!

Recent Posts

indian-flag-abstract-background-wallpaper-for-independence-day-on-15-august-ai-generative-free-photo
March 18, 2025