Victoria ප්‍රාන්තයේ ලෝක ප්‍රසිද්ධ පර්වත සංකීර්ණයක් තරණය තහනම් කරයි.

  • Home
  • /
  • News
  • /
  • Victoria ප්‍රාන්තයේ ලෝක ප්‍රසිද්ධ පර්වත සංකීර්ණයක් තරණය තහනම් කරයි.

ඕස්ට්‍රේලියාවේ වඩාත් ජනප්‍රිය පර්වත තරණය කිරීමේ ගමනාන්තයක් ලෙසින් ප්‍රසිද්ධ වූ ස්ථාන කිහිපයක්ම සංස්කෘතික උරුම විමර්ශනයකින් පසුව වසා දැමීමට නියමිතය.Dyurrite Cultural Landscape කෙටුම්පත් කළමනාකරණ සැලැස්මට අනුව යෝජිත වෙනස්කම් යටතේ, Arapiles කන්ද අවට ධාවන පථවලින් අඩක් දක්වා සංචාරයට කිරීමට සීමා පැනවේ.බටහිර වික්ටෝරියා ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ප්‍රදේශය, වසර 3000කට පෙර සිට පැවත එන පාෂාණ චිත්‍ර සහ scar trees සහිත ඕස්ට්‍රේලියාවේ දක්නට ලැබෙන විශාලතම පර්වත සංකීර්ණවලින් එකකි.ප්‍රාන්ත රජය පැවසුවේ, යාවත්කාලීන කළ කළමනාකරණ සැලැස්ම මඟින් නියෝජනය කරන සාම්ප්‍රදායික හිමිකරුවන්ට නිශ්චිතභාවයක් ලබා දුන් බවයි.කෙටුම්පත් කළමනාකරණ සැලැස්ම යටතේ, ස්ථාපිත පාෂාණ කඳු නැගීමේ ප්‍රදේශ 80 ක් කඳු නගින්නන් සඳහා විවෘත වේ.Declaration Crag, Tiger Wall, සහ Castle Crag ඇතුළු කඳු නැගීමේ ප්‍රදේශ කිහිපයකට 2020 දී පනවා ඇති තහනම තවදුරටත් පවතිනු ඇත.නව තහනම් ප්‍රදේශ ලෙස Pharos, Yesterday Gully, Mitre Rock සහ Tiptoe Ridge ඇතුළත් වේ. කඳු නගින්නන් මෙම පියවර හෙළා දැක ඇත්තේ එය කදු නගින්නන් හට සිදු කරන අසාධාරණයක් බව පවසමිනි. වික්ටෝරියානු රජය Arapiles හි කඳු නැගීමේ තහනම තවදුරටත් පුළුල් කිරීමෙන් කදු නගින්නන් නොසලකා හරින බවත්, රටේ ආර්ථිකය විනාශ කිරීම දිගටම කරගෙන යන බවත්  කදු නගින්නන් පවසයි. කෙටුම්පත් කළමනාකරණ සැලැස්ම පිළිබඳ මහජන අදහස් විමසීම දෙසැම්බර් 2 දක්වා විවෘතව පවතී.

Don't forget to share this post!

Recent Posts

Emirates-retail
December 12, 2024