අනෙකුත් G7 රටවල් අභිබවා ඕස්ට්‍රේලියාව ආර්ථික වශයෙන් ශක්තිමත් බව අගමැති ඇල්බනීස් සදහන් කරයි

  • Home
  • /
  • News
  • /
  • අනෙකුත් G7 රටවල් අභිබවා ඕස්ට්‍රේලියාව ආර්ථික වශයෙන් ශක්තිමත් බව අගමැති ඇල්බනීස් සදහන් කරයි

ඇල්බනීස් ඔහුගේ ආණ්ඩුව යටතේ ශක්තිමත් ආර්ථික‍යක් ගොඩ නැගූ බවට ප්‍රකාශයක් නිකුත් කෙරේ. 

 

අගමැති Anthony Albanese ඔහුගේ නායකත්වය යටතේ ඕස්ට්‍රේලියාවේ ශක්තිමත් ආර්ථික ක්‍රියාකාරිත්වය ඉස්මතු කර පෙන්වමින් පවසන්නේ රටේ ආර්ථිකය වර්ධනය වෙමින් පවතින අතර අතිරික්තයක් ද පවතින බව ප්‍රකාශ කළේය.කැනඩාව, ජර්මනිය සහ එක්සත් රාජධානිය වැනි ප්‍රධාන ආර්ථිකයන්ට වඩා ඕස්ට්‍රේලියාව වේගවත් ආර්ථික වර්ධනයක් අත්විඳින බව ප්‍රශ්න වේලාවේ දී ඇල්බනීස් සඳහන් කළේය.සියලුම G7 රටවල් මෙන් නොව ඕස්ට්‍රේලියාව අයවැය අතිරික්තයක් පවත්වා ගෙන ගොස් ඇති බව ඔහු අවධාරණය කළේය.සියලුම බදු ගෙවන්නන් සඳහා බදු අඩු කිරීම් සහ විදුලිය සදහා වට්ටම් වැනි ජීවන වියදම් ක්‍රියාමාර්ගත් මිලියන භාගයකට අධික ඕස්ට්‍රේලියානුවන් සඳහා ගාස්තු රහිත TAFE සහ පවුල් මිලියන 1.2ක් සඳහා ළමා ආරක්ෂණ වියදම් අඩු කිරීම ඇතුළු මෑතකාලීන සහන ද Albanese පෙන්වා දුන්නේය.අනෙකුත් රටවලට බලපාන ගෝලීය උද්ධමනය සහ අවපාතයන් නොතකා ඕස්ට්‍රේලියාව තවදුරටත් ආර්ථික වශයෙන් දියුණු වන අතර ඕස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ ආදායමෙන් වැඩි ප්‍රමාණයක් උපයා ගැනීමට සහ තමන් සතුව තබා ගැනීමට ඉඩ සලසන ප්‍රතිපත්තිවලට සහාය දෙන බව ඔහු අවධාරණය කළේය.

Don't forget to share this post!

Recent Posts

19604cc9-758e-4286-9071-7fde3a14fecf
December 20, 2024