අවු.10ට ඉහළ වැරදිකරුවන්ගේ දඬුවම් පිළිබද ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයෙන් නව තීරණයක්

  • Home
  • /
  • News
  • /
  • අවු.10ට ඉහළ වැරදිකරුවන්ගේ දඬුවම් පිළිබද ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයෙන් නව තීරණයක්

වයස අවුරුදු 10ට වැඩි සියලු දෙනා සිදුකරන වැරදිවලට දඬුවම් ලබා දීමේදී වැඩිහිටියන්ට දෙන දඬුවම ලබා දීමට ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය තීරණය කර ඇත.ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය විසින් ඝාතනයන්,පහරදීම් හා සොරකම් වැනි අපරාධයන් වයස අවුරුදු 10ට වැඩි කුමන පුද්ගලයෙකු සිදු කළ ද වැඩිහිටියන්ට ලබා දෙන දඬුවම ලබා දීමට අවශ්‍ය නීති අනුමත කිරීමට පියවර ගෙන ඇත.කෙසේ වුවද දැඩි දඬුවම් හරහා තරුණ ප්‍රජාව අතර අපරාධයන් අඩු නොවන බවටත් එය තවත් උග්‍ර අතට හැරිය හැකි බවටත් විශේෂඥයින් අනතුරු අඟවා ඇත.යෞවන වයසේ පසුවන්නන් සිදුකරන අපරාධ සම්බන්ධයෙන් සමාජයෙන් එල්ලවන දැඩි ප්‍රතිචාරයන් පාලනය කිරීමට නව නීති උපකාර වනු ඇති බවට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය විශ්වාසය පළ කරයි.

Don't forget to share this post!

Recent Posts

Prague-shooting
February 5, 2025