ආලින්දය – හෙළයේ මහා නර්තන ශිල්පී පීටර් සූරසේන මහතා

  • Home
  • /
  • /
  • ආලින්දය – හෙළයේ මහා නර්තන ශිල්පී පීටර් සූරසේන මහතා

අද සන්නස ආලින්දයට  අපේ ගෞරවණීය ආරාධනය පරිදි පැමිණ සිටිනවා සිටිනවා ශ්‍රී  ලංකාවේ සහ විදේශයන්හි  චිර ප්‍රසිද්ධියක් උසුලන හෙළයේ මහා නර්තන ශිල්පී පීටර් සූරසේන මහතාණන්.

අපි ඔබතුමා ආයුබෝවන් කියා පිළිගන්නවා.

 ආයුබෝවන්!

මා මුලින්ම කැමතියි ඔබේ ළමා කාලය සහ පාසල් දිවිය ගතවුණු ආකාරය පිළිබඳ දැනගැනීමට

 මම ඉපදුනේ එක් දහස් නවසිය හතළිහේ  ජනවාරි මස 13 වැනිදා මහනුවර හඟුරන්කෙත ප්‍රදේශයේ.අරුප්පල  ධර්මාශෝක විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූව මම වයස අවුරුදු අටේදී නර්තන ශිල්පය හැදෑරීමට මගේ පියත් එක්ක මහනුවර අමුණුගම සුරඹා ගුරුන්නාන්සේ ළඟට ගියා. එහිදී දැක්වූ දක්ෂතා නිසා සුරඹා ගුරුන්නාන්සේගේ විශේෂ ආදරයට මම පාත්‍ර වුණා. මහනුවර ඇසළ පෙරහැරට මට මුළින්ම සම්බන්ධ වෙන්න ලැබුණේ දේවාල පෙරහැරට, ඒ සුරඹා ගුරුන්නාන්සෙත් එක්ක. 

එහිදී ලොකු කරදරයකට ඔබ මුහුණ දුන්න කියල කතාවක් තියෙනව.

ඔව්, එහිදී අලියෝ කුලප්පු වීම නිසා ඊට බය වෙලා දුවන කෙනෙකුගෙ ගිණි පන්දමක් 

මගේ ඔළුව උඩට වැටිල මගේ කොණ්ඩය පිළිස්සුනා.

ඔබ ශ්‍රී ලංකාවේ සියළුම ජනාධිපතිවරුන්ගේ ගෞරවාදරයට සහ සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා.

ජනාධිපති ජේ ආර් ජයවර්ධන සමයේ සංචාරක අමාත්‍යවරයාව සිටි නිශ්ශංක විජේරත්න මහතා දියවඩන නිළමේ වරයා වශයෙන් සිටිද්දී මගේ නැටුම් විලාශය ගැන පැහැදිලා දියවඩන නිළමේ දෙපසින් යන නැටුම් කණ්ඩායමේ දකුණුපස ප්‍රධානියා ලෙස මාව තෝරාගත්තා. ලංකාවේ සියලුම ජනපති වරුන්ගෙන් මට සම්මාන ලැබිල තියෙනවා.ජනාධිපති විජේතුංග “ශ්‍රී ලංකා තිලක” ගෞරව නාමයෙන් මාව පුදනු ලැබුවා.

උඩරට නැටුම් කලාව මුළින්ම කොළඹට ගෙනාවේ ඔබේ ලොකු අයියා. හීන්බබා  ධර්මසිරි.

ඔව් එතුමා හිටියේ කොළඹ.මම එතුම ගාව හිටපු කාලේ මට අවස්ථාවක් ලැබුණා කොළඹ ජැටියට එන විදේශිකයන් උදෙසා නැටුම් සංදර්ශන පවත්වන්නට. මේ මගින් මට විදේශිකයින් හඳුනා ගන්න ලැබුණා. උඩරට නැටුම් විදෙස් රටවල් වලට ගෙනයන්නට අඩිතාලම වැටුණේ එහෙමයි. වෙස් නැටුම් ශිල්පියෙකු ලෙස මම රටවල් 80ක සංදර්ශන පවත්වල තියෙනවා. මම ලංකාවේ පිහිටුවන ලද මුල්ම  රාජ්‍ය නැටුම් කණ්ඩායමේ  ප්‍රධාන වෙස් නැටුම් ශිල්පියා හැටියටත් හිටිය. එහි නායකයා වශයෙන් කටයුතු කලේ එස්. පනීභාරත මහතා.

ඔබ ගුරුවරයෙකු වශයෙනුත් ශිෂ්‍ය පරම්පරාවක් බිහිකරලා තියෙනවා.

1970 මම රජයේ ගුරු සේවයට බැඳිලා ගාල්ල විද්‍යාලෝක, හික්කඩුවේ සුමංගල සහ මහනුවර සිල්වෙස්ටර් යන විදුහල්වල උගන්නල තියෙනව.

ඔබේ පවුලේ තොරතුරු ගැන සඳහන් කරනවා නම්?

මගේ දයාබර බිරිඳ සුමනා උඩගෙදර. මගේ ජීවන මාර්ගයට උපරිමයෙන් සහයෝගය දුන්න කෙනෙක් ය.ඇය දැන් ජීවතුන් අතර නැහැ……..

මට දරුවෝ පස් දෙනයි.තුන් දෙනෙක් නර්තන ශිල්පයේ යෙදෙනවා. ඔවුන් සුසන්ත, ජානක සහ නිලන්ත. මෙයින් ජානක පුතා නර්තන ශිල්පය ඉදිරියට ගෙන යනවා.ඔහුගේ බිරිඳ ගුරුවරියක්. ඔහුගේ දුව නෙලින්දී සහ පුතා සුචිර . ඔවුනුත් නර්තන  ශිල්පය හදාරනවා. පුතා සුචිර දැනට දළදා පෙරහරට නර්තන ශිල්පියෙක් ලෙස සහභාගී වෙනවා. ජානක පුතා දැනට රටවල් 15ක සංචාරය කොට නැටුම් සංදර්ශණ ඉදිරිපත් කරලා තියෙනවා.

1958 සිට මේ දක්වා වසර 64 ක් පෙරහැරේ වෙස් නැටුම් ශිල්පියා හැටියට කටයුතු කල දැනට 83 වැනි විය පසු කරන ඔබ තුමාට නිදුක් නීරෝගීව ශත වර්ෂයකට අධික කාලයක් ජීවත්වීමට හේතු වාසනා ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමින් අපි ඔබෙන් සමුගන්නවා.

ආයුබෝවන්.

 

සාකච්ඡා කළේ සෝමසිරි දෙනගම.

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024