ඇලඩින්ගේ පහණ

මැටි හට්ටි ලිග්ගල් තුන අතරේ පමණක් තම කටයුතු කල ලීලාවතී තම පුතාට සහකාරියක් පාවාදීමට කටයුතු කලාය. ලේලිය සතුව නොයෙකුත් අරුමෝසම් භාණ්ඩ තියෙනවා දුටු ඇය පුදුමයට පත්වුවාය.දිනක් ලේලියගේ සහ පුතාගේ කතා බහට හොරෙන් සවන්දීගෙන සිටි ලීලාවතී බෙහෙවින් කණස්සල්ලට පත්විය.ඇගේ මෙම වෙනස දැනුණ පුතා මෙසේ ඇසීය.

පුතා – අම්ම දැන් දවස් ගණනක ඉඳල හිතේ අමාරුවකින් ඉන්නෙ මොකද?

අම්මා – නෑ මුකුත් නැ.

පුතා – නැතිවෙන්නෙ කොහොමද? මට කියන්න ඇත්ත.

අම්මා – තාත්තත් නැතුව මං පුංචිකාලේ ඉඳල උඹව හැදුවෙ ගොඩක් දුක් විඳල. ඒ වුණාට උඹල අර ඇලඩින්ගේ වගේ රහස් පානක් තියාගෙන ඔය එක එක ජාති ඒකෙන් ගෙන්නගන්නව නේද. ඕක මටත් පෙන්නුවාම මොකද වෙන්නෙ.මං උඹට නරකක් කරනවද?

පුතා – මොන පානක් ද අම්මේ? අපේ ළඟ ඇති රහස් පානක් නෑ.

අම්මා – හරි! හරි!! උඹ ඒක හෝදල පිහදල තියාගනින්. හැබැයි උඹ ඊයෙ උඹේ නෝනත් එක්ක කියනව මං අහගෙන, මං අන්න රහස් පාන හෝදල පිහදල අරං තිබ්බ කියල. උඹට හොඳනං මට මොකද පුතේ.

පුතා  – අයියෝ අම්මේ ඒක රහස්පාන නෙවෙයි.ඒකට කියන්නෙ සාස්පාන කියල හට්ටි වෙනුවට ගන්න ඇළුමිනියම් භාජනේ මේ තියෙන්නෙ.

Don't forget to share this post!

Recent Posts

116
October 21, 2024